පුරා වසරක ඇවෑමෙන් මට මගේ වෙබ් ලොග් සටහන මතක් වුනේ සිංහල යුනිකොඩ් භාවිතය පුරුදු වීමට මිස වෙන හේතුවකට නොවේ. වැඩකටයුතු නම් ඉතා අධික වුවත් මෙයට උත්සාහයක් දැරිය යුතු බව මට සිතුනි. ඉංගිරීසියෙන් සියළු අධ්‍යාපන කටයුතු කරන අපට, සිංහල භාවිතයට ලැබෙන අවස්ථා බොහෝ විරලය. එම නිසි අක්ෂර වින්‍යාසයද බොහෝ විට වරදීමට ඉඩ ඇත. එහෙත් ඉගෙනීමට නම් වැරදි කළ යුතු බව කවුරු හෝ පණ්ඩිතයෙක් කියා ඇති වග මට මතකය.
වෙනත් භාෂා වල වෙබ් පිටු සහ බ්ලොග දකින වාරයක් පාසා අපේ මවුබසින් කොම්පියුටරය භාවිතා කිරීමට හැක්කේ කවදාදැයි සිතුනු අවස්තා අපමනයි. එනිසා මෙම යුනිකොඩ් ව්‍යායාමයට හවුල් වූ සියළු දෙනාටම තෙරුවන් සරණ පතමි.
President Percy vacates Temple Trees
11 years ago